ජනගහනය
ජනගහනය
74396
පරිපාලන ප්‍රදේශය
17550 ha
ඝනත්වය
4.07 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ස්ත්‍රී පුරුෂ ජනගහනය

මූලාශ්‍රය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොටපොල

ස්ත්‍රී පුරුෂ ජනගහනය - 2018

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

බෑවුම් කලාප අනුව භූමි ප්‍රමාණයන්

මූලාශ්‍රය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොටපොල

මෙම ‍කොට්ඨාසයේ 60º ට වැඩි බෑවුම් ප්‍රදේශ දක්නට ඇත. එසේම 30º ට වඩා වැඩි බෑවුම් ප්‍රදේශ මුළු භූමි ප්‍රමාණයෙන් 60% ක් පමන වේ. මෙයට අමතරව ඉතා කුඩා බිම් ප්‍රමාණයක් 0º - 8ºසහ 8 º-16º දක්වා කලාප තුල පිහිටා ඇත. රට අභ්‍යන්තරයෙහි මධ්‍යම කඳුකරයට ආසන්නව එයට නිරිත දෙසින් දෙනවක මිටියාවතෙන් වෙන් වු රක්වාන බුලුතොට කදු පන්තියට කොටපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් හරි අඩක් පමණ අයත් වේ. දළ බෑවුම්, මද බෑවුම්, වැනි කඳුකර විෂමතා ලක්ෂණ රැසකින් මෙම කඳුකර ප්‍රදේශය සමන්විත වේ. භුමියේ පහත්ම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට සාමන්‍ය උස අඩි 1000 ක් පමණ වන අතර ඉහලම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 3900 ක් පමණ උසින් යුක්ත වේ. සිංහරාජ කඳු පන්තිය හා අවට උස් කදු මුදුන් පිහිටා ඇති අතර මාතර දිස්ත්‍රික්කය තුල ඇති උසම කන්ද ද මේ අතර වන බව සැලකේ. දෙනියාය අවට පිහිටි අනින්කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 2655 ක්ද තිබිබටුගල 2065 ක් හා කුරුළුගල අඩි 3880 ක් ද ගොන්ගල අඩි 3900 ක් ද උසින් පිහිටා ඇත. දළ බෑවුම් වලින් යුත් උස් කඳුවැටි අතරත් මද බෑවුමින් යුත් කඳු වැටි අතරත් පිහිටි ද්‍රෝනි සමූහය ප්‍රදේශයේ භූවිෂමතාවයේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය.

ස්වාභාවික වනාන්තර

මූලාශ්‍රය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොටපොල

කොටපොල ප්‍රාදේශීය සභා කොට්ඨාසය ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා කලාප අතරින් තෙත් කලාපීය සදාහරිත වනාන්තර කලාපයට අයත් වේ. සිංහරාජ සදාහරිත වනාන්තරය දියදාව රක්ෂිත වනාන්තරය හා පරගල හොරගල යන රක්ෂිත වනාන්තර වලින් කොට්ඨාශයේ මුළු භුමි ප්‍රමාණයෙන් 22%ක් පමණ ආවරණය වේ. ඉතා ඉහල ජෛව විවිධත්වයකින් යුක්ත වීම නිසා මෙම රක්ෂිත වනාන්තර වලට වැඩි වටිනාකමක් ලැබී තිබේ. මෙම රක්ෂිත වනාන්තර වල යටි රෝපනයකින් යුත් අතුපතර විහීදීගිය වෘක්ෂලතා තද කොළ පැහැයෙන් යුතුව වසර පුරා දක්නට ලැබේ. ශ්‍රී ලංකාවට ආවේනික ඉතා දුර්ලභ හා වටිනා ශාක විශේෂ එනම් හොර, සපු, මිල්ල, ගොඩපර, නැදුන් වැනි වටිනා ගස් වර්ග මෙම වනාන්තර වල බහුලව දක්නට ලැබේ. විවිධ ඹෟෂධ පැලෑටි මෙන්ම දුර්ලභ සත්ව විශේෂ ගණනාවක් ද මෙම වනාන්තර වල දැකිය හැකි වීම විශේෂ ලක්ෂණයකි.

තේමා සිතියම්

 

Kotapola Pradeshiya Sabha area: 

Kotapola Pradeshiya Sabha covers an area of 17550 hectares. (Data Source _ Survey Department)

 Download Map Here                            Download Data Layer Here

 

Flood Gin Ganga:

Flood inundation of Gin Ganga area mapped by Department of Irrigation. Map prepared by field data collection. Inundation dates and return period is not known. (Data Source:Department of Irrigation)

Download Map Here                       Download data Layer Here

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
කොටපොල ප්‍රාදේශීය සභාව - ‌දෙනියාය ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0