Ø  අපගේ දැක්ම

"කාර්යක්ෂමතාවයෙන් ඵලදායීතවය උදෙසා"

Ø  අපගේ මෙහෙවර

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ තිරසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයන් සහතික කිරීම උදෙසා, සහභාගීත්ව ප්‍රවේශයක් තුළ පාරිසරික සංවේදීතාවයකින් යුතුව, සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව යොදා ගනිමින් සෞඛ්‍ය, මංමාවත්, සුභ සාධන හා මහජන උපයෝගීතා සේවාවන් ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා විශ්වසනීය සේවාවක් සැලසීමට කැපවෙමු.

Ø  අපගේ කැපවීම

අවංකව, ප්‍රඥාවන්තව, ආචාර සම්පන්නව, අවබෝධයෙන් යුක්තව, විෂය මූලිකව හා අපක්ෂපාතීව විනිවිද භාවයෙන් යුක්තව, අප්‍රමාදව, කාර්යක්ෂමව හා සඵලතාවයෙන් සේවාවන් ලබාදීමට කැපවී සිටින්නෙමු.

 

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමා විසින් ඌවේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික වටිනාකම් කැටි කොට ඌව අභිමනයෙන් අභිමානයට ගෙන යා හැකි විචාරයක් මෙම ගීතය තුළ අන්තර්ගතව ඇත.

මොනරාගල ප්‍රාෙද්ශීය සභාව පහත සේවාවන් සපයනු ලබයි. එනම්, වීථිරේඛා හා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම, ඉඩම් සහ ගොඩනැගිලි අනුමත කිරීම, ගලි සේවා ලබා සැපයීම, නව ජල සැපයුම් ලබාදීම, පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම, යන්ත්‍රෝපකරණ සේවා සැපයීම, පුස්තකාල සමාජිකත්වය ලබා දීම ආදිය වේ.

මේ සඳහා සියලු අයදුම්පත් පහතින් භාගත කර ගත හැක.

වෙන් කිරීම් මාර්ගගතව නැරඹීමට

මුහුණු පොත මඟින් අප හා සම්බන්ධ වීමට

 

LDSP ව්‍යාපෘතිය

ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ පළාත් සභා හා පළාත් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (Local Development Supportive Project) මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ 10හි පළාත් පාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඒක්ව ඒක් ඒක් කොට්ඨාශය සංවර්ධනය කිරීම සඳහා සංවර්ධන යෝජනා ඇතුලත් කොට පස් අවුරුදු කොට්ඨාශ සංවර්ධන සැලැසුම් සකස් කර ඇත. ඒම සැලසුම් සකස් කළ කොට්ඨාශ වන්නේ බටුගම්මන කොට්ඨාශය, බෝහිටිය කොට්ඨාශය, හොරොම්බුව කොට්ඨාශය, හුංලාදව කොට්ඨාශය, කහම්බාන කොට්ඨාශය, මදුරුකැටිය කොට්ඨාශය, මාගන්දනමුල්ල කොට්ඨාශය, මොනරාගල කොට්ඨාශය, මුප්පනේ කොට්ඨාශය සහ නක්කල කොට්ඨාශයයි.

පසුව, ඉදිරි වසර 05 තුල පළාත් පාලන ආයතනයට ලැබෙන විවිධ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කිරීම සඳහා නැවත ඒම සංවර්ධන යෝජනා ප්‍රමුඛතා ගතකර වසර 05ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන ආයතනික සහභාගීත්ව සංවර්ධන සැලැස්ම සකස් කරන ලදි.

 

 

තේමා සිතියම්
නිවැරදි අක්ෂාංශ හා දේශාංශානුගත පිහිටීම් සහිතව, ප්‍රදේශයට අදාළ විවිධ විෂයයන් පිළිබඳ අවකාශීය දත්ත මෙහි ඉදිරිපත් කෙරේ.
වැඩිදුර කියවන්න
ජනගහනය
නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක
වැඩිදුර කියවන්න
අධ්‍යාපනය
අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන
වැඩිදුර කියවන්න
ප්‍රවාහනය
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන
වැඩිදුර කියවන්න
ආර්ථිකය
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර,
වැඩිදුර කියවන්න
නාගරික පාලනය
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය
වැඩිදුර කියවන්න
නිවාස
ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය,
වැඩිදුර කියවන්න
නාගරික සේවා
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික
වැඩිදුර කියවන්න
පාරිසරික
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු
වැඩිදුර කියවන්න
ජනගහනය
ජනගහනය
59000
පරිපාලන ප්‍රදේශය
29244.25 ha
ඝනත්වය
1.58 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

වාර්ගිකත්වය අනුව ජනගහනය

මූලාශ්‍රය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන මුළු ජනගහනයෙන් ජාතීන් අනුව වර්ග කිරීමේ දී ජාතීන් 06ක් බල ප්‍රදේශය තුළ වාසය කරති. ඒයින් බහුතරයක් ඒනම් කොට්ඨාශයේ 85.70%ක් පමණ සිංහල ජාතීන් වන අතර අනෙක් අය පළාතේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මුවර්ස්, බර්ගර් සහ වෙනත් ජාතිකයෝ වෙති. ශ්‍රී ලාංකික බෞද්ධයන් වැඩි පිරිසක් ජීවත් වන මෙම ප්‍රදේශයේ සුළුතරයක් හින්දු, ඉස්ලාම්, රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි සුළු පිරිසකි.

දත්ත ගොනුව මෙතනින් භාගත කර ගන්න

ආගම අනුව ජනගහනය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මොනරාගල

..ඔවුන්ගෙන් බහුතරය බෞද්ධයන් වන අතර, ඒය ප්‍රතිශතාත්මක ලෙස දැක්විය හැක්කේ 85% කට ආසන්න ප්‍රමාණයක් ලෙස ය. ප්‍රදේශයේ සිටින අනෙක් ආගමික භක්තිකයින් ලෙස හින්දු, ඉස්ලාම්, රෝමානු කතෝලික, ක්‍රිස්ටියන් ආදිය දැක්විය හැකි අතර, ඒම ආගම් අතරින් වැඩි පිරිසක් අයත් වන්නේ දමිළ ජනතාව වන හින්දු භක්තිකයන්ට ය. ඒය 13%ක් පමණ වන අතර, 2% ක ප්‍රතිශතයක් අනෙක් ආගමික භක්තිකයන් වෙසේ. ඒම ආගමික භක්තිකයින් අතුරින් වැඩි පිරිසක් ජීවත් වන්නේ බහුතර ජනතාවක් ජීවත් වන මදුරුකැටිය ග්‍රාම නිළධාරී වසමේ වේ.

දත්ත ගොනුව මෙතනින් භාගත කර ගන්න.

වයස් කාණ්ඩ හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජනගහනය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජන විකාශනයේ ස්ත්‍රී පුරුෂ භේදයේ පිරිමින්ට වඩා වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් දක්නට ලැබේ. මොනරාගල කොට්ඨාශයේ අනෙක් නගරවලට සාපේක්ෂව කාන්තා තරුණ ජනගහනය ඔවුන්ගේ පිරිමි සගයන්ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා අතර, 2017 වර්ෂයේ දී පමණක් වයස අවු. 19 - 40ත් අතර පුරුෂ ජනගහනයේ ඉහළ අගයක් ගනී. සමස්ත ජනගහනයෙන් පිරිමි හා ගැහැණු අනුපාතය පිළිවෙලින් ප්‍රතිශතයක් ලෙස සියයට 49.30 සහ 50.70 ක් ලෙස දැක්විය හැක. සමස්ථයක් ලෙස බැලීමේ දී මොනරාගල කොට්ඨාශය තුළ ඉතාමත් අවම ප්‍රමාණයක් ජීවත් වන්නේ වැඩිහිටි ජනගහනයයි. ඒය සමස්ථ ජනගහනයෙන් 3.2% ක පමණ ප්‍රමාණයකි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

ස්ත්‍රී පුරුෂ ජනගහනය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මොනරාගල

2017, 2018, 2019 වර්ෂවල දී මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය පිළිබඳ විස්තර ඉහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. ඒම ප්‍රස්ථාරයට අනුව වාර්ෂිකව ජනගහනයේ වර්ධනයක් පෙන්වන අතර, ඒය පෙර වර්ෂයට සාපේක්ෂව 27% ක ප්‍රතිශතයක් වේ. තව ද බල ප්‍රදේශයේ වැඩිම ජනගහනයක් මදුරුකැටිය ග්‍රාම නිළධාරී කොට්ඨාශය තුළ ජීවත් වන අතර, ඒය සමස්ථ ජනගහනයෙන් 12.33% ප්‍රතිශතයකි. ඒසේ ම බල ප්‍රදේශයේ අඩු ම ජනගහනයක් බටුගම්මන ග්‍රාම සේවා වසමේ ජීවත් වන අතර, ඒය සමස්ථ ජනගහනයෙන් 1.55%ක ප්‍රතිශතයකි.

මෙතනින් භාගත කර ගන්න.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 55කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර, ඒ් අතරින් රාජ්‍ය ආයතනයක් යටතේ ක්‍රියාත්මක වන බල ප්‍රදේශයේ ප්‍රමුඛතම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මොනරාගල ප්‍රාදේශීය සභාවට අයත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයයි.
ළමා හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ හා ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ මූල්‍ය දායකත්වයේ මොනරාගල ප්‍රාදේශීය සභා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි. මෙය මරගල ඔය ඉස්මත්තේ රමණීය භූමියක ඉදිකර ඇත. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ට ඉගෙනුම් පහසුකම් සැලසීම සඳහා ශාලා පහසුකම් මෙන් ම බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අනෙකුත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ද මෙහි පිහිටා ඇත.

අධ්‍යාපන මට්ටම අනුව ජනගහනය

මූලාශ්‍රය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මොණරාගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වසම් මට්ටමින් ජීවත්වන ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහත වගුවෙන් නිරූපණය වන අතර, එය අධ්‍යාපන නොලද, සාමාන්‍ය පෙළ දක්වා, උසස් පෙළ දක්වා හා උපාධි ලෙස කොටස් 04කින් දක්වා ඇත. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති අතර, අවම ප්‍රමාණයක් අධ්‍යාපනය නොලැබූ අය වෙති. එසේ ම මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැඩිම උපාධිධාරීන් ප්‍රමාණයක් විහාරමුල්ල ග්‍රාම සේවා වසම නියෝජනය කරන අතර, සමස්ථයක් ලෙස මදුරුකැටිය ග්‍රාම සේවා වසම අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ජනතාවක් ජීවත් වන ග්‍රාම සේවා වසම ලෙස දැක්විය හැක. සමස්ථයක් ලෙස මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මුළු ජනගහනයෙන් 68.89%ක ප්‍රමාණයක් කිසියම් අධ්‍යාපන මට්ටමක් සහිත වූවෝ වෙති.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න


පෙර පාසලේ සිසුන් සංඛ්‍යාව

මූලාශ්‍රය - පරිපාලන අංශය - මොණරගල ප්‍රදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පෙර පාසල් 55 ක් පමණ ක්‍රියාත්මක වන අතර බල ප්‍රදේශයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රධානම පෙර පාසල මොනරාගල ප්‍රාදේශිය සභාවට අයත් මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානය වේ.මොනරාගල ප්‍රාදේශිය සභාවට අයත් මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා උද්‍යාන භූමිය තුල මරගල ඔය ආසන්නයේ පිහිටි රමණීය භූමියක පිහිටා ඇත.පෙර පාසල තුල එකවර ළමයින් 200 කට පමන අසුන් ගත හැති වන පරිදි පහසුකම් වලින් යුක්ත වන අතර ප්‍රධාන පෙර පාසල් පාලිකාව සහ සහය පාලිකාවන් 06 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සේවය කරනු ලබයි.

පාසල් වර්ගීකරණය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති අධ්‍යාපන පහසුකම් මෙම දත්ත මගින් විස්තාරණය කෙරේ. ප්‍රදේශයේ ගුරුවරුන් 970 ක් පමණ සිටින අතර, ශිෂ්‍ය ජනගහනය 15,000 ක් පමණ වේ. ප්‍රදේශයේ මධ්‍ය මහා විද්‍යාල හා මහා විද්‍යාල පාසල් විසුරුවා හැරීම කිලෝමීටර 8 ක අරයක් ආවරණය වන පරිදි සොයාගත හැකිය. මොනරාගල කොට්ඨාශයෙහි මුළු ජනගහනයෙන් අවම වශයෙන් 15% ක් පාසල් යන වයසේ පසුවෙති.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

බල ප්‍රදේශයට අයත් මාර්ග

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - ‌මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභාව සතුව ග්‍රාමීය මාර්ග කි.මී.1050 ක් පවතී. ඒ් අතරින්, කි.මී.1039.50 පස් සහිත අඩි 12 හා 10 පළල සහිත මාර්ග වේ. 2020 වර්ෂය වන විට ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවලින් 10.5ක් විධිමත් පරිදි කාපට්, තාර, කොන්ක්‍රීට් හෝ ග්‍රැවල් යොදා සංවර්ධනය කර ඇත. මේ වන විට රජයේ මාර්ග සංවර්ධන වැඩසටහන් යටතේ කිලෝ මීටර් 20කට වැඩි ප්‍රමාණයක් කාපට් කිරීම සඳහා තෝරා ගෙන සංවර්ධන කටයුතු කරමින් පවතී.

ඉහත ප්‍රස්ථාරයට අනුව, කාපට් ඇතිරූ මාර්ග 0.24%ක් ද, තාර දැමූ මාර්ග 0.14%ක් ද, කොන්ක්‍රීට් කළ මාර්ග 0.43%ක් ද, ග්‍රැවල් යෙදූ මාර්ග 0.19%ක් ද පවති. අනෙක් මාර්ග ලෙස 99%ක් පවතින්නේ සංවර්ධනය නොකළ වැලි මාර්ග ය.

ලියාපදිංචි ත්‍රී රෝද රථ සංඛ්‍යාව

මූලාශ්‍රය - මොණරගල ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඇති කුලී ගමන් සදහා යොදා ගන්නා ත්‍රී රෝද රථ ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කිරීම 2019 වර්ෂයේ සිට ආරම්භ කරන ලදි.එම වර්ෂයේදී ත්‍රී රෝද රථ 179 ක් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වී ඇති අතර 2020 වර්ෂයේ 35 ක් සහ 2021 වර්ෂයේ මාර්තු දක්වා ත්‍රී රෝද රථ 19 ක් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වී ඇත.ඒ අනුව 2021 වර්ෂයේ මාර්තු වන විට ත්‍රී රෝද රථ 233 ක් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වී ඇත.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

භාණ්ඩ මිලදී ගැනීමට ඇති වාණිජ ස්ථාන

මූලාශ්‍රය - සංවර්ධන අංශය - මොණරාගල ප්‍රදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභාව සතුව පොදු වෙළදපොල 01 ක් සහ සිල්ලර සහ තොග ලෙස පොළ භූමි 02 ක් පවතින අතර ආර්ථික මධ්‍යස්ථාන හෝ සාප්පු සංකීර්න නොමැත. 2016 වර්ෂයේදී Nelsip ව්‍යාපෘතිය හරහා ඉදි කරන ලද සිල්ලර පොළ සහ තොග පොළ වාර්ෂිකව ටෙන්ඩර් කැදවීමෙන් සිල්ලර පොළ සහ තොග පොළ බදු දීම හරහා  ප්‍රාදේශීය සභාව ආදායම් උපයා ගනු ලැබේ.සිකුරාදා දින ප.ව 2.00 සිට ඉරිදා දින ප.ව 6.00 දක්වා පොළ භූමි වෙළද ප්‍රජාව සහ පාරිභෝගික ප්‍රජාව වෙත විවෘතව පවතින අතර 60000 ක පමන ජනතාව මේ හරහා සෘජු ව සහ වක්‍රව ප්‍රතිලාභ ලබා ගනු ලැබේ.

 දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

පළාත් පාලන ආයතනයේ වාර්ෂික ආදායම් සහ වියදම්

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - ‌මොනරාගල

සෑම පළාත් පාලන ආයතනයක් සඳහාම ඒම ආයතනයේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා අයවැය ක්‍රමවේදයක් ඇත. ඒනම්, උපයන ලද ආදායමට සාපේක්ෂව වියදම් කිරීමට ඇති හැකියාවයි. ඒය වර්ෂය ආරම්භයේ ඇස්තමේන්තුගත කර අයවැය ලේඛනයක් මඟින් ඉදිරිපත් කළ යුතු ය. පසුව වර්ෂ අවසානයේ ආදායමට අනුව කළ වියදම් සාරාංශය අවසන් ගිණුම ලෙස ඉදිරිපත් කළ යුතු ය. මොනරාගල ප්‍රාදේශීය සභාවේ අප විසින් ඒකී ආදායම් හා වියදම් දැරීම සඳහා ආදායම් වියදම් වර්ගීකරණයක් සකසා ඇත. ඒකී වර්ගීකරණයන්ට අනුව ලද ආදායම් වියදම් දෙස සංසන්ධනාත්මකව බැලීමේ දී ආදායම වාර්ෂිකව ඉහළ යෑමක් දක්නට ලැබේ. ඊට සාපේක්ෂව වියදම් දැරීම සිදුකළ ද, ලාභය හෝ අලාභය ආදායම් වියදම්වලට සාපේක්ෂව විශාල පරතරයක් නොමැති බව පැහැදිලිව දක්නට ලැබේ.

 දත්ත ගොනුව මෙතනින් භාගත කර ගන්න

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභික මණ්ඩලය

මූලාශ්‍රය - පරිපාලන අංශය - මොණරගල ප්‍රදේශීය සභාව

ශ්‍රි ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කය සහ ඌව පළාතේ විශාලතම දිස්ත්‍රික්කය වන මොනරාගල දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 10 කින් සමන්විත වන අතර, එයින් වඩාත් සංවර්ධිත හා ඉදිරියේදී නගර සභාවක් ලෙස උසස් කිරිමට යෝජිත පළාත් පාලන ආයතනය ලෙස මොනරාගල ප්‍රාදේශිය සභාව හැඳින්විය හැක.  වර්ග කි.මී.255.1 භූමි ප්‍රමාණයකින් යුත් මොනරාගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය මැතිවරණ කොට්ඨාශ 10 කින් හා  ග්‍රාම සේවා වසම් 26 කින් සමන්විත වේ.  මොනරාගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාශ 10 අතරින් මොනරාගල මැතිවරණ කොට්ඨාශය ග්‍රාම සේවා වසම් 04 කින් සමන්විත බහු ආසනයක් සහිත කොට්ඨාශයක් වේ. මොනරාගල ප්‍රාදේශිය සභාවේ වර්ථමාන ගරු සභාපති වරයා ලෙස මොනරාගල කොට්ඨාශය නියෝජනය කරමින් මැතිවරනයෙන් තේරිපත්වු ආර්.එම්.රත්නවීර මැතිතුමා කටයුතු කරන අතර කහම්බාන කහම්බාන කොට්ඨාශය නියෝජනය කරමින් තේරි පත්වු ආර්. ඒම්.ප්‍රදිප් සිසිර කුමාර මැතිතුමා ගරු උප සභාපති වරයා ලෙසත් කටයුතු කරනු ලබයි.

මොනරාගල ප්‍රාදේශිය සභාවේ කාර්ය මණ්ඩලය

මූලාශ්‍රය - පරිපාලන අංශය - මොණරගල ප්‍රදේශීය සභාව

සභාලේකම් වරයකු යටතේ කාර්යාල ගත හා ක්ශේත්‍ර ගත 135 දෙනකුගෙන් යුත්  ස්ථිර හා අනියම් කාර්ය මණ්ඩලයක් හා සේවක මණ්ඩලයක් මොනරාගල ප්‍රාදේශිය සභාව යටතේ සේවය කරනු ලබයි. පළාත් පාලන ආයතනයේ ඉලක්ක  නිසි පරිදි හඳුනා ගනිමින් නිවරදි මාවතක් ඔස්සේ කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දිමට කටයුතු කරමින් සිටි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විශාලත්වය

මූලාශ්‍රය - දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශය

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විශාලත්වය මෙමඟින් දැක්වේ. ඒ අනුව, විශාලත්වය අනුව වැඩිම භූමි ප්‍රමාණයක් අයත් වන්නේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වේ. එමෙන් ම පළාත් පාලන ආයතනවලට ද අදාළ වන්නේ් මෙම විශාලත්වයන්ගෙන් යුත් භූමි ප්‍රමාණයන් ම ය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න


සභාව සතු ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ග

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - ‌මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභාව විසින් වාර්ෂිකව ලබන සෘජු ආදායම් මාර්ග පිළිබඳව විස්තර ඉහත ප්‍රස්ථාරයෙන් දක්වා ඇත. මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සතිපොළ 01ක් සහ දිනපොළ 01ක් ක්‍රියාත්මක වේ. මේ අතරින්, සතිපොළ ටෙන්ඩර් පදනම මත භාහිර පාර්ශවයන් වෙත ලබා දී ඇත. දිනපොළ ආදායම් දෛනිකව ප්‍රාදේශීය සභාව විසින් ඒකතු කරනු ලබයි. ප්‍රාදේශීය සභාව සතු තවත් ඒක් ප්‍රධාන උත්පාදන මාර්ගයක් ලෙස කඩකුලී ආදායම් දැක්විය හැකි අතර, ඒ සඳහා මොනරාගල ප්‍රාදේශීය සභා නව බස් නැවතුම්පල භූමියේ කඩ 91ක් සහ පොදු වෙළඳපල කඩ කාමර 62ක් ඇත. ඒසේ ම සභාව සතුව නගරය තුළ පොදු වැසිකිලි 03 ක් ද ඇත.
මොනරාගල ප්‍රාදේශීය සභාවට අයත් නාගරික කලාපය වරිපනම් කලාප 06කට වෙන් කර, රජයේ දේපල 394 ක් සහ වෙනත් දේපල (පුද්ගලික/නිවාස) 5237කින්, ඒනම් වරිපනම් ඒ්කක 5631කින් වාර්ෂිකව වරිපනම් බදු හිඟ හා ප්‍රවර්ථන වශයෙන් ප්‍රධාන ඛාණ්ඩ 02ක් යටතේ ඒකතු කරනු ලබයි.

පළාත් පාලන ආයතනයේ මානව සම්පත්

මූලාශ්‍රය - සංවර්ධන අංශය - ප්‍රාදේශීය සභාව - මොනරාගල

පළාත් පාලන ආයතනවල එදිනෙදා රාජකාරි ඉටු කරන මානව සම්පත් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඉහත දත්ත මගින් ලබා දිය හැකිය. අනුමත කාර්ය මණ්ඩලය සහ පළාත් පාලන ආයතනය සඳහා දැනට සිටින සේවක සංඛ්‍යාව මෙහි දක්වා ඇත. මොනරාගල ප්‍රාදේශීය සභාව තුළ අනුමත කාර්යය මණ්ඩලයට වඩා තථ්‍ය කාර්යය මණ්ඩලයක් දක්නට ඇති නමුත්, ඇතැම් තනතුරු සඳහා පුරප්පාඩු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස සංවර්ධන නිළධාරීන් අතිරික්ත වුවත්, කාර්මික නිළධාරී, සෞඛ්‍ය කම්කරු හා මෝටර් යාන්ත්‍රික ගිනිභට නිළධාරීන්ගේ පුරප්පාඩු දැකිය හැක.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස වර්ගීකරණය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොනරාගල.

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන පවුල් ඒ්කක සඳහා ඇති නිවාසවල තත්ත්වය පිළිබඳව ඉහත ප්‍රස්ථාරයෙන් නිරූපණය කෙ‌රේ. ඒම ප්‍රස්ථාරයට අනුව ස්ථීර හා සම්පූර්ණව වැඩනිම කරන ලද නිවාස ප්‍රමාණය 2018 වර්ෂයට වඩා 2019 වර්ෂයේ දී 372ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒසේ ම ස්ථීර හා අඩක් නිමකරන ලද නිවාස ප්‍රමාණය 2018 වර්ෂයට වඩා 2019 වර්ෂයේ දී නිවාස 45ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒම දත්තවලට අනුව වාර්ෂිකව ස්ථීර නිවාස ඉදිකිරීමේ ප්‍රමාණය ඉහළ යමින් පවතින බව කිව හැක. තාවකාලික හා වෙනත් යන කොටස යටතේ ‌අප බල ප්‍රදේශයේ ඇති නිවාස තාවකාලික නිවාස, පැල්පත් නිවාස හා නිවාස නොමැති ලෙස වර්ග 03කට වෙන් කර දැක්විය හැකිය. ඒ් අතරින්, තාවකාලික නිවාස ප්‍රමාණය 2018 හා 2019 යන වර්ෂ දෙකෙහි දී ම 1241 බැගින් වූ සමාන සංඛ්‍යාවක් ලෙස හඳුනාගත හැක. ඒසේ ම, 2018 වර්ෂය තුළ පැල්පත් නිවාස සංඛ්‍යාව 394ක් සහ 2019 වර්ෂයේ දී ඒය 82කින් අඩු වී ඇත. 2018 වර්ෂයේ දී නිවාස නොමැති පවුල් සංඛ්‍යාවට වඩා 2019 වර්ෂයේ දී නිවාස නොමැති පවුල් සංඛ්‍යාව 16කින් ඉහල ගොස් ඇත.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

මොනරාගල ප්‍රාදේශීය සභාව සතු වරිපනම් ඒකක සංඛ්‍යාව
Division
2018
20192020
1898911916
2786803812
3132013311347
4100210181030
5477485489
6627634643
Government394394394
Total550455765631

මූලාශ්‍රය - ආදායම් අංශය - මොණරගල ප්‍රදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාගරික සීමාවේ ඇති පුද්ගලික දේපල සහ රජයේ දේපල සදහා දේපල තක්සේරුවක් සිදු කර වරිපනම් බදු පනවා අය කිරීම සිදු කරනු ලබයි. මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වරිපනම් සීමාව කොට්ඨාශ 06 කට බෙදා ආදායම් එකතු කිරීම සිදු කරනු ලබයි.හිග සහ ප්‍රවර්ථන ලෙස මෙලෙස ලැබෙන ආදායම් වෙන් කරනු ලබන අතර, අදාල වරිපනම් ලේඛන වල ලියාපදිංචි පුද්ගලයින් හට වාර්ෂිකව හා කාර්තු වශයෙන් ගෙවිය යුතු මුදල වෙන් වෙන්ව දක්වා සෑම වසරක් ආරම්භයට පෙරම කේ පෝරම මගින් දැනුම් දෙනු ලැබේ. මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති වරිපනම් ඒකක ගණන වාර්ෂිකව වැඩි වෙමින් පවතින අතර 2018 වර්ෂයේ 5504 ක් වූ වරිපනම් ඒකක ප්‍රමාණය 2020 වර්ෂය වන විට 5631 ක් දක්වා වැඩි වී ඇත. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාගරික සීමාවේ ඇති ඉඩම් කැබලි කිරීම මගින් මෙලෙස ඒකක ප්‍රමානය ඉහල යමින් පවතින බවත්, නගරයට සංක්‍රමනය වන ජනගහනය ඉහල යමින් පවතින බවත් නිගමනය කල හැක. මොනරාගල ප්‍රාදේශීය සභාව මගින් එක් රැස් කරන වරිපනම් බදු මුදල් මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් යොදවනු ලබයි.

වීදි ආලෝකකරණය

මූලාශ්‍රය - මොනරාගල ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාම සේවා වසම් 26 ම ආවරනය වන පරිදි නව වීථි පහන් සවි කිරීම සහ වීථි පහන් නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.2015 වර්ෂයේ සිට අඛන්ඩව වීථි පහන් සවි කිරීම ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබන අතර 2020 වර්ෂය වන විට වීථි පහන් 2750 කට ආසන්න ප්‍රමානයක් බල ප්‍රදේශය තුල සවි කරමින් මාර්ගවල ගමන් කරන ජනතාවට ආරක්ෂාව සලසා ඇත.

පුස්තකාල සහ ප්‍රජා මධ්‍යස්ථාන

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - ‌මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභාව සතුව ඒක් ප්‍රජා ශාලාවක් පවතින අතර, ඒම ප්‍රජා ශාලාව ඒකවර 500කට වැඩි ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකට භාවිතයට ගත හැකි තරම් ප්‍රමාණවත් පහසුකම්වලින් යුක්ත වේ. ඒම නගර ශාලාව ප්‍රාදේශීය සභාව විසින් කුලී පදනම මත භාහිර ආයතන වෙත ලබා දීම සිදු කරන අතර, මහජනතාවගේ පොදු කටයුතු සඳහා නොමිලේ ලබා දීම ද සිදු කරයි.
මොනරාගල ප්‍රාදේශීය සභාව සතුව පුස්තකාල 03ක් පවතී. ඒ්වා මොනරාගල, වැලියාය හා කුඹුක්කන යන ස්ථානවල ස්ථාපිත කර ඇත. ඒ් අතරින්, කුඹුක්කන පුස්තකාලය 2020 වර්ෂයේ දී ආරම්භ කරන ලද්දකි. ඒම පුස්ථකාල 03හි පරිශීලකයින් පිළිවෙලින් 2018 වර්ෂයේ 6033ක් ද, 2019 වර්ෂයේ 6215ක් ද, 2020 වර්ෂයේ 6315ක් ද ලෙස වාර්ථා වී ඇත.

මාර්ග අංශයට අදාළ කම්කරුවන්

මූලාශ්‍රය - පරිපාලන අංශය - මොණරගල ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභාවේ අනුමත කාර්යමණ්ඩල වාර්ථාව අනුව ක්ෂේත්‍ර කම්කරු තනතුරු 15 ක් අනුමත අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 අනුව  ක්ෂේත්‍ර කම්කරු තනතුරු 04 ක් අනුමත වේ. තවද එක් ආදේශක ක්ෂේත්‍ර කම්කරුවකු සේවය කරනු ලබයි.මොවුන් මුර සේවය ඇතුලු රාජකාරි ක්ෂේත්‍ර කිහිපයක් ආවරනය කරනු ලබයි.

ආදාහනාගාර සහ සුසාන භූමි වල සිදුකරන ආදාහන සහ භූමදාන (මාසිකව)

මූලාශ්‍රය - මොනරාගල ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභාව සතු ආදාහනාගාරය 2019 වර්ශයේදී ආරම්භ කරන ලද්දකි.එතෙක් මොනරාගල දිස්ත්‍රික්කය සතුව ආදාහනාගාරයක් නොතිබූ අතර මොනරාගල ආදාහනාගාරය ආරම්භ කිරීමත් සමග ජනතාවට සහනදායි සේවාවක් ලබා දීමට හැකියාව ලැබී ඇත. මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි පුද්ගලයෙකුගේ ආදාහනයක් සදහා රු.7500/= ක මුදලක්ද , බල ප්‍රදේශයෙන් පිටත පුද්ගලයෙකුගේ ආදාහනයක් සදහා රු.8500/= ක මුදලක්ද අය කරනු ලබයි.ඒ අනුව 2020 වර්ශයේ ආදාහනයන් 203 ක් පමණ සිදු කර ඇති අතර මාසිකව සිදු කරන ආදාහනයන් ප්‍රමාණය ඉහත වගුවෙන් දැක්වේ.

සනීපාරක්ෂක අංශයට අදාළ සේවකයින්

මූලාශ්‍රය - පරිපාලන අංශය - මොණරගල ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභාවේ අනුමත කාර්යමණ්ඩල වාර්ථාව අනුව ස්ථ්ර සෞඛ්‍ය කම්කරුවන් 18 ක් සහ ආදේශක කම්කරුවන් 08 දෙනෙකු සේවය කරනු ලබයි.මොනරාගල නගරය ආසන්න ප්‍රදේශයෙන් දිනකට කසළ ටොන් 10 ක් 12 ක් එක් රැස් වන අතර මෙම කසළ ප්‍රවාහනය සදහා ප්‍රමානවත් ට්‍රැක්ටර් රථ රියදුරන් නොමැති බැවින් මෙම සෞඛ්‍ය කම්කරුවන් එම රාජකාරි ආවරනය කරනු ලබයි.

පළාත් පාලන ආයතන සතුව පවතින බර වාහන හා උපකරණ

මූලාශ්‍රය - මොනරාගල ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභා යන්ත්‍රෝපකරන ඒකකය සතුව අඩි 12 තලයක් සහිත මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් , ටොන් 10 ගල් රෝලක් සහ බැකෝ ලෝඩර් යන්ත්‍රයක් පවතී.මෙම යන්ත්‍ර ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබන සංවර්ධන කටයුතු වලට අමතරව කුලී පදනම මත භාහිර පාර්ශවයන් වෙත ලබා දීමෙන් මොනරාගල ප්‍රාදේශීය සභාව අමතර ආදායමක් උත්පාදනය කරනු ලබයි. ඒ සදහා අය කිරීම් පහත පරිදි වේ.

  • මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය සදහා පැයකට රු.3500.00 ක් සහ  ඩීසල් ලීටර් 10 ක් සදහා මුදල් අය කරනු ලබයි.
  •  බැකෝ ලෝඩරය සදහා පැයකට රු.2750.00
  • ගල් රෝල සදහා පැයකට රු.4000.00

වාර්ෂික ගලි සේවා ආදායම

මූලාශ්‍රය - පරිසර හා සෞඛ්‍ය අංශය - මොනරාගල ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ගලි අපද්‍රව්‍ය ඉවත් කිරීම තුලින් වාර්ෂිකව උත්පාදනය වන ආදායම ඉහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.මොනරාගල ප්‍රාදේශීය සභාව සතු ගලි බවුසරයක් ධාරිතාවය ලීටර් 4000 ක් පමණ වන අතර බල ප්‍රදේශය තුල ගලි බවුසරයක් ඉවත් කිරීම සදහා රු.4250/= ක් අයකරන අතර බල ප්‍රදේශයෙන් පිටත ගලි බවුසරයක් ඉවත් කිරීමේදී පලමු ගලි බවුසරය සදහා රු.5500/= ක් සහ අමතර ගලි බවුසරය සදහා රු.5000/= ක් සහ අදාල ස්ථානය වෙක යාමට පමනක් එක් කිලෝමීටරයකට රු.100/= බැගින් අය කරනු ලබයි.ඉහත අවස්ථා 02 හි දීම රු.400/= ක කම්කරු කුලියක් අය කරනු ලබයි.

දත්ත ගොණුව මෙතනින් භාගත කරන්න

වාර්ෂිකව නිකුත් කරන වෙළද බලපත්‍ර සංඛ්‍යාව

මූලාශ්‍රය - ආදායම් අංශය - මොනරාගල ප්‍රාදේශීය සභාව

මොනරාගල ප්‍රාදේශීය  සභා බල  ප්‍රදේශය තුල ව්‍යාපාර වර්ග 40 ක් පමන ක්‍රියාත්මක වන අතර ඒ අතරින් වැඩිම ව්‍යාපාර ප්‍රමානයක් ඇත්තේ සිල්ලර වෙළද ව්‍යාපාර සහ ග්‍රොසරි සම්බන්ධ ව්‍යාපාර වේ. සිල්ලර සහ ග්‍රොසරි ව්‍යාපාර වලට පසුව වැඩිම ව්‍යාපාර සංඛ්‍යාවක් රෙදි හා නිමි ඇදුම් ඛාණ්ඩය යටතේ පවතී.තෙවනුවට වැඩිම ව්‍යාපාර සංඛ්‍යාවක් තේ වෙළදාම/හෝටල් සහ බේකරි  ඛාණ්ඩය යටතේ පවතී.මොනරාගල ප්‍රාදේශීය  සභා බල  ප්‍රදේශය තුල මධ්‍යම පරිමාන සහ මහා පරිමාන ව්‍යාපාර 246 ක් 2019 සහ 2020 වර්ෂවලදී ක්‍රියාත්මක වී ඇති අතර දුරකථන සම්ප්‍රේශන කුළුණු 2019 වර්ෂයේ 08 ක් ද 2020 වර්ෂයේ 10 ක් ද ක්‍රියාත්මක වී ඇත.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

තනි වැසිකිළි පහසුකම් සඳහා නිවැසියන්ගේ ප්‍රවේශය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව මෙම ප්‍රස්ථාරය මගින් නිරූපණය වේ (පළමු ප්‍රස්තාරය 2018 වසරේ දත්ත, දෙවැනි ප්‍රස්තාරය 2019 වසරේ දත්ත). වාර්ෂිකව විධිමත් සනීපාරක්ෂක පහසුකම් සහිත වැසිකිලි ප්‍රමාණය ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. ඒසේ ම වැසිකිලි නොමැති ප්‍රමාණයේ ද අඩුවීමක් 2018 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේ දක්නට ලැබේ. මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 26 ම සැලකූ විට පහසුකම් සහිත වැසිකිලි වැඩි ප්‍රමාණයක් මදුරුකැටිය ග්‍රාම සේවා වසම තුළ පවතින අතර, වැසිකිලි නොමැති පවුල් වැඩි ප්‍රමාණයක් හුලංදාව ග්‍රාම සේවා වසම තුළ ජීවත් වේ. ඒසේ ම සමස්ථයක් ලෙස අප බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 26 අතරින් වැඩි මට්ටමින් ඇති පවුල් ඒ්කක ප්‍රමාණය සැලකු විට සනීපාරක්ෂක පහසුකම් වඩා යහපත් මට්ටමින් ඇති ග්‍රාම සේවා වසම ලෙස කොලොන්වින්න හා රත්තනපිටිය ග්‍රාම සේවා වසම් දැක්විය හැකි ය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

කොම්පෝස්ට් පොහොර අලෙවියෙන් ලද වාර්ෂික ආදායම

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - ‌මොනරාගල

2011 වර්ෂයේ අග භාගයේදි මොණරාගල ප්‍රාදේශිය සභාවේ කොම්පෝස්ට් ව්‍යාපෘතියේ නිශ්පාදනය ආරම්භ කිරිමේන් පසු වසරින් වසර නිශ්පාදනය කරන පොහොර ප්‍රමානය ඉහළ නංවමින් ප්‍රාදේශිය සභාවට අමතර ආදායමක් උත්පාදනය කරන ව්‍යාපෘතියක් බවට පත් කර ඇත. 2020 වර්ෂයේ රටේ පැවති කොව්ඩ් 90 රෝගි තත්වය හා තත්වය හමුවේ නිවෙස් වල සිට් ජනතාව ගෙවතු වගාවට යොමු වීම නිසා එම වර්ෂයේ දි උපරිම පොහොර අලෙවියක් වාර්ථා විය.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

කසල සම්පත් මධ්‍යස්ථානය

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - මොනරාගල

මොනරාගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනනය වන ප්‍රතිචක්‍රිකරණය කල හැකි කසල එනම් වීදුරු බෝතල්, පෙට්බෝතල්,  ප්ලාස්ටික් , පත්තර , යකඩ , ටින් ,ඇලුමිනියම් , කාඩ්බෝඩ් වැනි වර්ග 16 මිළදි ගැනිම සඳහා මොණරාගල ප්‍රාදේශිය සභාව විසින් පුද්ගලික අංශයේ සහාය ඇතිව කසල සම්පත් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙමගින් බල ප්‍රදේශයේ ජනතාවට තම නිවෙස් / ව්‍යාපාරික ස්ථාන වනලින් ඉවතලන කසල වලට ආර්ථික වටිනාකමක් ලබා ගැනිමට අවස්ථාව ලබා දී ඇති අතර අසල අවසන් කසල බැහැරලීමට එක්වන කසල ප්‍රමානයද යම් ප්‍රමානයකින් අඩු කර ගැනිමට මොණරාගල ප්‍රාදේශිය සභාවට හැකියාව ලැබී ඇත.

මොනරාගල ප්‍රාදේශිය සභාවේ කොම්පෝස්ට් ව්‍යාපෘතිය

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - මොනරාගල

මොණරාගල ප්‍රදේශිය සභා බල ප්‍රදේශයේ ජනනය වන කසල කළමණාකරණය කිරිමේ අරමුණින් යුතුව ඌව පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් මොනරාගල ප්‍රාදේශිය සභාවේ කොම්පොස්ට් ව්‍යාපෘතිය ඉදිකරන ලදි. ඒය ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝණ අපද්‍රව්‍ය කළමණාකරන සහායක මධ්‍යස්ථානය විසින් ලබා දුන් ප්‍රතිපාදන වලිනි. 2013 වර්ෂයේ අග භාගයේදි ඉදිකිරිම් අවසන් කර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන ලදි. ප්‍රාදේශිය සභාව එවකට කසල බැහැර කරමින් සිටි හොරොම්බුව තේක්කවත්ත දරගොඩ ස්ථානයේ කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර කසල වලින් පිරි තිබු එම පරිසරය වසරින් වසර හරිතවත් වී වර්ථමානය වන විට අලංකාර භූමියක් බවට පත්ව ඇත.

මසකට කොම්පොස්ට් ටොන් 02 පමණ නිෂ්පාදනයක් සිදු කරමින් ප්‍රාදේශිය සභාවට අමතර ආදායමක් උපයමින් ප්‍රදේශයේ කාබනික පොහොර වගාවට මහත් සහයෝගයක් ලබා දීමට මොනරාගල ප්‍රාදේශිය සභාවේ කොම්පොස්ට් ව්‍යාපෘතියට හැකියාවක් ලැබී ඇත.

2020 වර්ෂය තුල මාසික කසල සම්පත් මධ්‍යස්ථානයට ලැබුනු ප්‍රතිචක්‍රිකරණය කල හැකි කසල ප්‍රමානයන් (කිලෝ ග්‍රෑම්)
Garbage Type
JanuaryFebruary
March
April
May
JuneJulyAugustSeptemberOctoberNovemberDecember
Total
Paper45006000
0
0
2800
2700
1262
600
865
2400
800
700
22627
Cardboard1200010000
0
0
4100
2315
3100
6340
6680
3200
2100
3000
52835
Coconut Shells20002670
0
0
551
425
820
200
2650
1600
850
500
12266
Polythene (EDP)
840
510
0
0
475
485
480
380
486
800
410
0
4866
Polythene (PP)
0
0
0
0
0
0
0
0
480
680
281
480
1921
Garment Polythene
0
0
0
0
0
0
0
0
260
395
450
350
1455
Plastic3000
2850
0
0
1800
1580
795
400
1310
1080
900
500
14215
Pet Bottles
620
700
0
0
1400
600
695
200
985
890
815
500
7405
Tin
4800
4200
0
0
8200
2770
1250
510
580
1190
850
800
25150
Bottle Needles (White)
14000
11200
0
0
16000
7410
6692
21000
8000
11350
5000
5500
106152
Bottle Needles (Color)
1500
1220
0
0
950
820
550
350
600
4150
2000
600
12740
Battery450
106
0
0
89
106
65
68
465
400
810
82
2641
Aluminum350
256
0
0
150
190
97
108
370
250
100
70
1941
Iron2150
987
0
0
796
2165
390
250
1063
675
670
110
9256
Copper180
18
0
0
15
26
7
5
75
215
80
15
636
Chemistry Brass
110
15
0
0

10
38
15
5
86
30
45
28
382
Electronic400
150
0
0
90
85
10
2180
775
385
150
75
4300

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභාව මඟින් පවත්වාගෙන යනු ලබන කසල සම්පත් මධ්‍ය්ථානයට මාසිකව ලැබෙන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසල ප්‍රමාණය පිළිබඳ විස්තර ඉහත වගුවේ දක්වා ඇත. බල ප්‍රදේශය තුළ වැඩි වශයෙන් ඒකතු වන්නේ වීදුරු බෝතල් වන අතර, ඒම ප්‍රමාණය ටොන් 24 පමණ ය. බල ප්‍රදේශය තුල ජනනය වන පෙට් බෝතල් ප්‍රමාණය ප්‍රමාණාත්මකව අඩු අගයක් වුවද, පරිමාව සැලකූ විට ඉතා විශාල අගයකි. ඉහත කසල විධිමත්ව වෙන් කිරීමකින් තොරව අවසන් බැහැරලීමට මුදා හැරියේ නම් පරිසර පද්ධතිවලට වන හානිය ඉතා විශාල විය හැක.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන

මූලාශ්‍රය - ප්‍රාදේශීය සභාව - මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දිනකට කසල ටොන් 10-12ත් අතර ප්‍රමාණයක් ජනනය වන අතර, මෙම කසලවලින් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව සභාව විසින් ඒකතු කරනු ලබයි. මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසල ඒකතු කරන සීමාව වන්නේ, වැල්ලවාය පොතුවිල් මාර්ගයේ හොරොම්බුව සිට වැලියාය දක්වා ප්‍රධාන මාර්ගය කි.මී.16ක පමණ සහ අතුරු මාර්ග කි.මී.05ක පමණ සීමාවයි. ඒම සීමාව තුළ ඇති ඒනම්, මොනරාගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන රාජ්‍ය හා පුද්ගලික ආයතනවලින් දෛනිකව කසල ඒකතු කරනු ලබයි.
දිවා රාත්‍රී ලෙස සේවා මුර 02ක් යටතේ කසල ඒකතු කරන ප්‍රදේශය කලාප 04කට වෙන් කර කසල ඒකතු කිරීම, ප්‍රවාහනය කිරීම, කළමනාකරණය කිරීම හා අවසන් බැහැර ලීම වාර්ෂික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්මට අනුව සිදුකරනු ලබයි.

2021 වර්ෂයේ කසල කළමනකරණ වාර්ෂික සැලැස්ම මෙතනින් භාගත කරගන්න.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2011 to 2013. According to the Monaragala Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

Download data file here

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය (වාර්ෂිකව)

මූලාශ්‍රය - පරිසර අංශය - ප්‍රාදේශීය සභාව, මොනරාගල

මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාගරික සීමාව තුල ප්‍රධාන මාර්ගයේ කි.මී.16 ක දුරක් හා අතුරු මාර්ග කි.මී.8ක සහ රාජ්‍ය ආයතන, පොදු වෙළඳසැල, නගරය, බස් නැවතුම්පල ඇතුළු ස්ථානවලින් දිනකට කසල ටොන් 12ක් පමණ ඒකතු කරනු ලබයි. ඒම කසලවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් දිරන කසල වන අතර, ඒම කසල වලින් කොටසක් සත්ත්ව ගොවිපලවල් වලට හා කොම්පෝස්ට් පොහොර සකස් කිරීමට යොදා ගනී. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසල තවදුරටත් වෙන් කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරනු ලබයි. ඉතිරි කසල දැනට ප්‍රාදේශීය සභාව විසින් දෛනිකව අවසන් බැහැර කිරීමට යොමු කරනු ලබයි.

දත්ත ගොනුව මෙතැනින් බාගන්න.

 

 

දිස්ත්‍රික්කයේ මාසික වර්ෂාපතනය

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මොනරාගල දිස්ත්‍රික්කය වියළි දේශගුණික කලාපයට අයත් දිස්ත්‍රික්කයකි. මොනරාගල දිස්ත්‍රික්කයට ලැබෙන මෝසම් සුළං උපයෝගී කර ගනිමින් මහ කන්නයේ ගොවිතැන් කටයුතු සිදුකරනු ලබයි. දිස්ත්‍රික්කයට වැඩිම වර්ෂාපතනයක් ලැබෙනුයේ මාර්තු, අප්‍රේල්, මැයි, ජූලි, ඔක්තොම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලය.

 

ප්‍රදේශයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය

මූලාශ්‍රය - https://www.globalforestwatch.org/

2010 දී ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනාන්තර වෙනස් වීම 3.53Mha ක් වූ අතර භූමි ප්‍රමාණයෙන් 54% කට වඩා ව්‍යාප්තව පැවතුනි. 2020 දී ස්වාභාවික වනාන්තර වල වෙනස් වීම 11.2Mha ක් වූ අතර එය කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 2.89ක විමෝචනයට සමාන විය.
Global Forest Watch මෙවලමට අනුව, වනාන්තර වියන් ක්ෂයව ඇති ප්‍රදේශ ස්වයංක්‍රීයව සලකුණු කිරීම සඳහා GLAD නාසා හි ලෑන්ඩ්සැට් චන්ද්‍රිකා භාවිතා කරයි..

Global Forest Watch අන්තර් ක්‍රියාකාරී වෙබ් අඩවියට පිවිසීමට මෙතැන ක්ලික් කරන්න

 

තේමා සිතියම්

 

මොණරාගල ප්‍රාදේශීය සභා ප්‍රදේශය:

මොණරාගල ප්‍රාදේශීය සභා ප්‍රදේශය හෙක්ටයාර 29244.25 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                        දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

මොණරාගල ප්‍රාදේශීය සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම: මොණරාගල ප්‍රාදේශීය සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 26 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

මොණරාගල ප්‍රාදේශීය සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම:

මොණරාගල ප්‍රාදේශීය සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත.. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap)

සිතියම මෙතැනින් බාගත කරගන්න                          දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

                   

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
7554.06 (ha)
  • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 7528.22
  • කර්මාන්ත ශාලා
    • 15.07
  • ක්‍රීඩා භූමි
    • 10.77
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
33302.59 (ha)
    • 13628.29
    • 1040.61
    • 15786.46
    • 42.55
    • 1923.35
    • 881.33

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
මොණරාගල ප්‍රාදේශීය සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0